සිතුවිලි සටහන් බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / සිතුවිලි සටහන් බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}sithuwilisatahan.com වෙත ඊමේලයක් යොමු කරන්න.

“සුදු නෙළුම කෝ සොරබොර වැවේ “

By in සමීගේ කතා on May 16, 2018

“සුදු නෙළුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මහියංගනේ
පුන්පොයදා පාළොස්වකේ
මල් නෙලා විකුණු පන්සලේ…”

අමරදේව මහත්තය කියන රත්න ශ්‍රී මහත්තයා ලියපු මේ සින්දුව ඉර බැහැගෙන යන හවස් වරුවක රේඩියෝ එකේ යද්දී මේකේ පසුම්බිම් කථාව නිකමට මතක් උනා. ඒ කතාව කිවේ කවුද වයසක මහත්තයෙක්. එත් රේඩියෝ එකේමයි. කථාව මෙහෙමයි. සොරබොර වැවේ නෙලුම් මල් කඩල විකුණලා පවුලට හයියක් උණු පුංචි දැරියක් උන්නා. ඒ මොනරාගල දෙබටව ගමේ. දවසක් පෝයට මල් කඩන්න ගිය දැරිය රැ වෙනකම් අවේ නෑ. ඒ නොවැම්බර් මාසේ. වැස්සත් හරි සැරයි. මිනිස්සු කළුවර වෙනකම් හෙව්වත් හම්බඋනේ නෑ. පහුවෙනිදා පාන්දර ඇගේ සිරුර පාවෙලා ඇවිල්ල ගොඩගහල තියෙනවා වැවේ ඉවුරේ. එයාගේ අතේ නෙලුම් මල් දෙකක් රැදිලා. මේ සින්දුව අහද්දී ඒ මහත්තය පුදුමාකාර විදිහට කම්පනයට පත් උනාලු.

එත් ඇත්තටම මේ සින්දුව අහද්දී මටනම් කිසිම කම්පනයක් ඇති උන් නෑ. ඒ වචන වලින් කථාව තේරුම් ගන්න තරම් සාහිත්‍ය දැනුමක් නැති හින්ද වෙන්න ඇති. එත් පසුබිම් කථාව ඇහුවම කලින් ඇති නොඋනු ඒ කම්පනය දැනෙන්න ගත්තා. එත් ඒ කතාව ගැන නෙමයි. මිට අවරුදු ගානකට කලින් මේ කතාවට පුදුමාකාර සමානකමක් තියන කතාවක් ඇස් දෙකෙන්ම බලල තියනව කියලා මතකෙට ආවම.

ඒ හාන්ස්ට් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කාටූන් එකක්. රූපවාහිනියේ ගියේ ගොඩ කාලෙකට කලින්. ජිවිතෙට එකම එක වතාවක් දැක්ක ඒ කාටූන් එක ආය කවදාවත්ම දැක්කේ නෑ. අර විද්වත් මහත්තය අර සින්දුව අහල කම්පනය උනා වගේම පුංචි මමත් ඒ කථාව බලලා පුදුමාකාර දුකකට පත් උනා. ඒ කතාවේ උන්නු පුංචි දැරිය ගැන ලොකු දුකක් ආදරයක් මාසයක් විතර හිතේ තිබ්බ කියලා තාමත් මතකයි. අද කාලේ පොඩි උන්ට ඒ වගේ ලස්සන කතා බලන්න ලැබෙනවද කියල නම් දන්නේ නෑ. දන්නා විදිහට දැන් තියෙන්නේ විකාර විහිලු තියන ඉන්දියන් කාටුන්. කතාව හරියටම මතකේ නැති උනත් මතක හැටියට කෙටියෙන් කියන්නම්.

ඒ සීත කාලේ. මුළු රටම අවරුදු උදාවට සූදානම් වෙනවා. මේ ලස්සන පුංචි දැරිය හරිම දුප්පත්. එයාගේ ආදරණීය අම්ම මියගිහිලා. තාත්තා බේබදු කමට ඇබ්බැහි වෙලා. තාත්තා මෙයාට ගිණි පෙට්ටි කූඩයක් දීලා කියනව විකුණගෙන එන්න කියලා. තාත්තා පුදුමාකාර දුෂ්ටයි. ඒ හින්දම ඇය තාත්තට හරි බයයි. හිමේ ඇවිදන් යන්න දැරියට සපත්තු නෑ. ඒ හින්ද තාත්තා අම්මගේ සපත්තු දෙකක් දෙනවා. දැරියට මතක් වෙනව අම්මා මැරෙන්න ලං වෙලා ඉද්දී ඒ සපත්තු දෙක ඇයට තෑගී කල හැටි. හොඳටම බීල නිදාගෙන උන්නු තාත්තා පොරෝනෙකින් වහල උණුහුම් කරලා ඇය හිතලේම එලියට බහිනවා. ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන් . මොකද එයාගේ පුංචි කකුල් වලට ඒ සපත්තු ලොකු වැඩියි. අම්මලාගේ අත් වල එල්ලිලා සතුටෙන් යන පුංචි ළමයි දකිද්දී එයාට මතක් උනේ ඉස්සර එයා අම්මගේ අතේ එල්ලිලා ගිය හැටි.

කොච්චර දුර ඇවිද්දත් එයාගෙන් එක ගිණි පෙට්ටියක්වත් ගන්න කව්රුත් ඉදිරිපත් උනේ නෑ. එක පැන්සයක්වත් හම්බකරන් නැතිව එයාට ආයේම ගෙදර යන්න බයයි. ඒ හින්ද දිගටම ඇවිදිනවා. ඔහෝම යද්දී ඇගේ පය පැටලිලා එක සපත්තුවක් ඈ අතින් කැඩෙනවා. දැන් එක සපත්තුවක් විතරක් දා ගත්ත ඇය හීතල හිම පිරිච්ච පොලවේ තව තවත් ඇවිදන් යනවා. ඒ එක ගිණි පෙට්ටියක් හරි විකුණා ගන්න තියන ඕනෑකමට. ගෙවල් වල උන්නු මිනිස්සු සිංදු කියා කියා සතුටු වෙන හැටි කෑම මේසවල් නානාප්රෙකාර කෑම වලින් පිරිලා තියන හැටි ඇය ජනෙල් වලින් දකිනවා.

හිම වැටෙන එක ටික ටික සැර කරනවා. ඒක හිම කුණාටුවක් වෙන්න වැඩි වෙලා යන්නේ නෑ. බඩගින්නයි හීතලයි වෙහෙසයි එක්ක ඇයට තව දුර යන්න හයියක් නෑ. ඇය වාඩි වෙනවා. හීතලට ගුලි උනත් සහනයක් නෑ. ඇය ගිණි කූරු එකින් එක පත්තු කරන්න ගන්නවා. ඒ හිතල මකා ගන්න. එත් තියන හීතල මකන්න ඒ පුංචි උනුහුමට කොහොමටත් බෑ. ගිණි කූරෙන් එන එළියෙන් ඇය දකිනවා ඈ උණුසුම් ගිණි උදුනක් ලඟට වෙලා රස කෑම රස විඳින විදිහ. ඒක මායාවක්. ගිණි පෙට්ටි එකින් එක ඉවර වෙනවා. තවත් ගිණි කූරක එළියෙන් දකිනවා ඇගේ ආදරණිය අම්මා ඇයට කතා කරන හැටි. ඇය ඈ වෙත දිව යනවා. අනේ ඈ වෙත ලං වෙන්න කලින් ගිණි කූර නිවිලා යනවා. තව ඉතිරි එකම එක ගිණි කූරයි. ඇගේ අහිංසක බලාපොරොත්තුව ඒ එළියෙන් ඇගේ ආදරණීය අම්මව බලා ගන්න එක. ඇය ගිණි කූර දල්වනවා. ඇගේ අම්මා ඇයට ආයේමත් කතා කරනවා. ඇය හරියට දෙව්දුවක් වගේ . පුංචි දැරිය අම්ම දිහාවට දුවගෙන යනවා. ආදරණීය අම්මාගේ පපුවට තුරුළු වෙන ඇයට කවදාවත් නැති පුදුමාකාර උනුහුමක් දැනෙනවා. මොහොතකින් දැල්වුණු ගිණි කූර නිවී යනවා.

උදේ වෙද්දී එළිය වැටිලා හිම කුණාටුවත් ඉවර වෙලා. අවරුදු උදාවත් එක්ක මිනිස්සු හැමෝම එලියට බැහැල හරිම සතුටින්. හීතලෙන් ගල් වෙලා හිම වලින් වට වෙලා උන්නු පුංචි දැරියව මිනිස්සුන්ට හමු වෙනවා . ඇගේ අතක හිස් ගිණි පෙට්ටියක්. ඇය වටා දැවී අළුඋනු ගිණි කූරු. ඇගේ මුහුණේ පුදුමාකාර ශාන්ත හිනාවක්. ඇය හීතලේම මිය ගිහින්. දෙව්ලෝකේ ඇගේ ආදරණීය අම්මා එක්කම ඇය අලුත් අවුරුද්ද පටන් අරගෙන.

මෙවන් කතා ගැන දැනගැනීමට කරුණාකර අපේ Page එකට Like කරන්න ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *